එදා නරියා...........
කරනට දෙයක් නොමැතිව
අයාලේ ඇවිදින
මිදි දුටුව නරියෙකු
කෙල පෙරා ආ අපූරුව.....
බෝ සේ වෙහෙසව
මිදි කඩනු නොහැකිව
තිත්ත මිදි යැයි බනිමින
නික්ම ගිය අපූරුව....
අද නුබ.........
මා දුටුව දින සිට
සොදුරුයි හැඩයි කියමින
ආදරය යදිමින
පසුපසම ආ අපූරුව
බෝ සේ වෙහෙසව
අදරය නොලද සද
මා හටම බනිමින
නික්ම ගිය අපූරුව.....
පරාග
සොදුරු සහෘද යාත්රාවට ගොඩ වදින්නට ඇරයුම්.... සහෘද ඔබ සැමට.......
Thursday, August 1, 2013
Tuesday, July 9, 2013
???????????????......
හයේ කනිසමට හෝරා පුවරුව සැදුනා
තෙවැනි සීනුවේ හඩ රග මඩලට ඇසුනා
තිරය ඇරී රස හද අදුරට වැදුනා
කම් සැප සොයා පෙම්වත් සැම මුලු ගැසුනා.......
රග මඩලේ වෙන්නේ මොනවා නොදනී
අදුරේ තිසර ලැම වෙත අත දිගු කරතී
රග මඩලේ සිරි බැලුමට පැමිනි සකී
නෙත් අඩවන්ව කිම මුලු ගැන්විලා තෙපී.......?
තෙවැනි සීනුවේ හඩ රග මඩලට ඇසුනා
තිරය ඇරී රස හද අදුරට වැදුනා
කම් සැප සොයා පෙම්වත් සැම මුලු ගැසුනා.......
රග මඩලේ වෙන්නේ මොනවා නොදනී
අදුරේ තිසර ලැම වෙත අත දිගු කරතී
රග මඩලේ සිරි බැලුමට පැමිනි සකී
නෙත් අඩවන්ව කිම මුලු ගැන්විලා තෙපී.......?
සුනක සලකුණ....
ලොවට නව මං තැනූ
අසිරිමත් මනු රුව දැක
ඉබාගාතේ ඇවිදින
සුනකයෙකු තුටුවිය
වසුරු අතුරා ඒ මත......
ලොව මවිත කරවන
විලස ලොව දුටු දන
වීරයන් වී ඇත
දුගී දුප්පත් ජන හද
තබා නොමැකෙන සටහන......
හැකි ලෙස කුමක් හෝ කර
රැදෙනට දුගී ජන හද
නැතිද නිදහස කෙලෙස
මේ සා විසල් ලොව තුල
සුනක පෝතකයෙකුට......
සුනකයා තුටුවිය
කරණට දෙයක් නොමැතිව
තම වසුරු පිඩකින්
හැකිලෙස තබා සලකුන......
අසිරිමත් මනු රුව දැක
ඉබාගාතේ ඇවිදින
සුනකයෙකු තුටුවිය
වසුරු අතුරා ඒ මත......
ලොව මවිත කරවන
විලස ලොව දුටු දන
වීරයන් වී ඇත
දුගී දුප්පත් ජන හද
තබා නොමැකෙන සටහන......
හැකි ලෙස කුමක් හෝ කර
රැදෙනට දුගී ජන හද
නැතිද නිදහස කෙලෙස
මේ සා විසල් ලොව තුල
සුනක පෝතකයෙකුට......
සුනකයා තුටුවිය
කරණට දෙයක් නොමැතිව
තම වසුරු පිඩකින්
හැකිලෙස තබා සලකුන......
Subscribe to:
Posts (Atom)