Tuesday, July 9, 2013

සුනක සලකුණ....

ලොවට නව මං තැනූ
අසිරිමත් මනු රුව දැක
ඉබාගාතේ ඇවිදින
සුනකයෙකු තුටුවිය
වසුරු අතුරා ඒ මත......

ලොව මවිත කරවන
විලස ලොව දුටු දන
වීරයන් වී ඇත
දුගී දුප්පත් ජන හද
තබා නොමැකෙන සටහන......

හැකි ලෙස කුමක් හෝ කර
රැදෙනට දුගී ජන හද
නැතිද නිදහස කෙලෙස
මේ සා විසල් ලොව තුල 
සුනක පෝතකයෙකුට......

සුනකයා තුටුවිය
කරණට දෙයක් නොමැතිව
තම වසුරු පිඩකින්
හැකිලෙස තබා සලකුන......

No comments:

Post a Comment

සිතට නැගෙන දෙයක් කියලම යන්න යාලුවනේ.......